Pages

Present Simple Tense

 Simple present tense භාවිතා වෙන්නේ  

  • අපි සාමාන්‍යයෙන් කරනු ලබන ක්‍රියා හා අපේ සාමාන්‍ය විදිය විස්තර කිරීම සඳහා 
  • මේ ලෝකයේ සාමාන්‍යයෙන් සිදු කරන හෝ සිදු වෙන ක්‍රියා විස්තර කිරීම සඳහා 
Subject + Singular Verb / Plural Verb + Object


ex-

  • I eat rice everyday - මම හැමදාම බත් කනවා 
  • You sing very well - ඔයා හොදට සින්දු කියනවා 
  • We go to temple on poya days - අපි පෝය දවස් වල පන්සල් යනවා 
  • They play cricket in the evening - ඔවුන් හැමදාම හවසට cricket සෙල්ලම් කරනවා 
  • He eats rice everyday - ඔහු හැමදාම බත්  කනවා 
  • She sings very well - ඇය හොදින් සින්දු කියනවා 
  • It plays with a ball - ඌ බෝලයක් එක්ක සෙල්ලම් කරනවා 
  • I am a boy - මම පිරිමි ළමයෙක් 
  • I am a girl - මම ගෑණු ළමයෙක් 
  • He is Tom - ඔහු ටොම් 
  • He is a nice guy - ඔහු නියම ඉලන්දාරියෙක් 
  • She is our English Teacher - ඇය අපේ ඉංග්‍රිසි ගුරුතුමිය 
  • She is kind - ඇය කරුණාවන්තයි 
  • It is my pet - ඌ මගේ සුරතලා 
  • It is a dog - ඌ බල්ලෙක් 
  • It is a french book - ඒක ප්‍රංශ පොතක් 
  • I am 20 years old - මට අවුරුදු 20 
  • They are my friends - එයාලා මගේ යාළුවො 
  • They are pretty - ඒවා ලස්සනයි 
  • We are friends - අපි යාලුවෝ 
  • We are Hungry - අපිට බඩගිනියි 
Present Simple Negative

වර්තමාන කාලයේ නැත යන අර්ථය දීමට,
  • ඒක වචන නාම පද සදහා ක්‍රියා පදයට පෙර  does not  (කෙටියෙන් doesn't ලෙසට )යොදා ගනියි 
    • He doesn't eat rice - ඔහු බත් කන්නේ නෑ 
    • She doesn't know about that - ඇය ඒ ගැන දන්නේ නැ 
    • It doesn't bite - ඌ හපන්නේ නැ 
    • Naduni doesn't work - නදුනි වැඩ කරන්නේ නැ 
    • Nadun doesn't watch movies - නදුන් චිත්‍රපට බලන්නේ නැ 

  • බහු වචන නාම පද සදහා ක්‍රියා පදයට පෙර don't යොදා ගනියි 
    • I don't know - මම දන්නේ නැ 
    • We don't play basketball - අපි බාස්කට් බෝල් සෙල්ලම් කරන්නේ නෑ 
    • They don't open the shop - ඔවුන් කඩය විවෘත කරන්නේ නැ 
    • Parents don't do wrong things to their kids. -දෙමව්පියන් දරුවන්ට වැරදි දේවල් කරන්නේ නැ 
    • You don't look well - ඔබ හොදින් බව පෙන්නේ නැ 

  • be verbs (am/ is/ are) සමග not යොදා ගනියි . (am not, is not, are not ආකාරයට )
    • I am not a bad person. - මම නරක කෙනෙක් නෙවෙයි 
    • He is not a teacher - ඔහු ගුරුවරයෙක්  නෙවෙයි 
    • She is not very tall - ඇය එතරම් උස නැහැ 
    • It is not a tiger. - ඌ කොටියෙක් නෙවෙයි 
    • You are not a kid. - ඔයා පොඩි ළමයෙක් නෙවෙයි 
    • We are not friends - අපි යාළුවෝ නෙවෙයි 
    • They are not Americans. - එයාලා ඇමෙරිකානුවෝ  නෙවෙයි 
Present Simple Questions

ප්‍රශ්න නැගීමේදී be verbs, වාක්‍ය මුලට පැමිණෙයි. 

  • I am --> Am I?
  • She is --> Is she?
  • He is --> Is He?
  • It is --> Is it?
  • We are --> Are We?
  • You are --> Are You?
  • They are --> Are They?
ex:-
  • Am I late? 
    • මම පරක්කුද ?
  • Is your mother at home?
    • ඔයාලාගේ අම්මා ගෙදරද?
  • Is he a doctor?
    • ඔහු වෛද්‍යවරයෙක්ද?
  • Is she a dancer?
    • ඇය නර්තන ශිල්පිනියක්ද ?
  • Is it a blue car?
    • ඒක නිල් පාට කාර් එකක්ද?
  • Are you okay?
    • ඔයා හොදින්ද?
  • Are they your friends?
    • එයාලා ඔයාගේ යාලුවෝද ?
  • Are we friends?
    • අපි යාලුවෝද ?
  • Why are you late? - ඇයි ඔයා පරක්කු?
  • What is your dream? - මොකක්ද ඔයාගේ හීනය ?
  • Who is that? - කවුද අර?
  • When is your birthday? - කවද්ද ඔයාගේ උපන්දිනය?
  • Where is your home? - කොහෙද ඔයාගේ ගෙදර තියෙන්නේ?
  • Whose car is this? - කාගේද මේ කාර් එක ?
  • How are you? - ඔයාට කොහොමද?
  • How tall are you? - ඔයා කොච්චර උසද ?
  • Which is your bag? - කෝකද ඔයාගේ බැග් එක?
  • How much  are these apples? - මේ ඇපල් කීයද ?
  • How many friends do you have? ඔයාට යාළුවො කීදෙනෙක් ඉන්නවද?
What- මොකක්ද 
Why- ඇයි 
When- කවද්ද 
Who- කවුද 
Whose- කාගේද 
Whom- කාටද 
Where- කොහෙද 
Which- කෝකද 
How- කොහොමද 
How much- කීයද (මිල සම්බන්දව )
How many- කීයද (ප්‍රමාණයක් සම්බන්දව )


  

No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...