Pages

Showing posts with label grade 7 english sri lanka. Show all posts
Showing posts with label grade 7 english sri lanka. Show all posts

Wednesday, May 12, 2021

Grade 07 - Unit 3

                                            There is / There are

There is / are - සාමානයෙන් මොකක් හරි දෙයක් තියෙනවා, කවුරු හරි කෙනෙක් ඉන්නවා කියන්න තමයි අපි මෙය භාවිත කරන්නේ. අපිට මේක ගොඩක් භාවිත කරන්න පුළුවන් පින්තූර විස්තර කිරීමේදී.

 මොකක් හරි එක දෙයක් ගැන නම් ඔයාට කියන්න ඕනේ, ඔයාට පුළුවන් මෙහෙම කියන්න.

There is a book fair today. - අද පොත් සල්පිලක් තියෙනවා 

There is a man in the room - කාමරයේ මිනිසෙක් සිටිනවා 

එහෙම නැතිනම් කවුරුත් නෑ කියන්න , මොනවත් නැ කියන්න ඕනේ නම්. 

                                     is --> is not කරනවා 

There is not a book fair today. - අද පොත් සල්පිලක් නෑ 

කවුරු හරි ඉන්නවද ? මොනවා හරි තියෙනවද කියල අහන්නේ කොහොමද ? ඒ වෙලාවට අපි 

is එකයි there එකයි මාරු කරනවා. 

                            There is --> Is there වෙනවා

 ඒ කතා කරේ එක දෙයක් ගැන නේ. දැන් ගොඩක් දේවල් තියෙනවා, ගොඩක් කට්ටිය ඉන්නවා කියන්නේ කොහොමද ?

ගොඩක් දේවල් ගැන කියන්න ඕනෙනම් There are භාවිත කරන්න පුළුවන්.

There are boys in the classroom. - පන්ති කාමරයේ පිරිමි ළමයි ඉන්නවා 

There are books on my bed - මගේ ඇඳ  උඩ පොත් තියෙනවා

එහෙම නෑ කියලා කියන්නේ කොහොමද ? 

එතනදිත් අපි are --> are not කරනවා 

There are not boys in the classroom. - පන්ති කාමරයේ පිරිමි ළමයි නෑ 

There are not books on my bed  - මගේ ඇඳ  උඩ පොත් නෑ 

ගොඩක් දේවල් තියෙනවද , ගොඩක් අය ඉන්නවද කියලා අහන්නේ කොහොමද?

 එහෙනම් අපි are එකයි there එකයි මාරු කරනවා 

                                    There are  --> Are there 

Are there boys in the classroom? - පන්තියේ පිරිමි ළමයි ඉන්නවද?

Are there books on your bed ? - ඔයාගේ ඇඳ උඩ පොත් තියෙනවද? 

Aren't there boys in the classroom? -

Aren't there books on your bed? -

------------------------------------------------------------------------------------------------------------------

                                        There was / There were

හිටියා , තිබුණා කියන්න there was / there were භාවිත කරන්න පුළුවන්.

There was a book fair yesterday. -  ඊයේ පොත් සල්පිලක් තිබුණා

There was a man in the room - කාමරයේ මනුස්සයෙක් හිටියා 

හිටියේ නැ , තිබුණේ නැ කියන්න was --> was not / were --> were not

There was not a book fair yesterday. - ඊයේ පොත් සල්පිලක් තිබුණේ නැ 

There was not a man in the room. - කාමරයේ මනුස්සයෙක් හිටියේ නෑ 

Was there a book fair yesterday? - ඊයේ පොත් සල්පිලක් තිබුණද ?

Was there a man in the room? - කාමරයේ මනුස්සයෙක් හිටියද?

Wasn't there a book fair yesterday? - ඊයේ පොත් සල්පිලක් තිබුණේ නැද්ද ?

Wasn't there a man in the room? කාමරයේ මනුස්සයෙක් හිටියේ නැද්ද?

------------------------------------------------------------------------------------------------------------------

                     There will be / There will not be (There won't be)

There will be a book fair tomorrow. - හෙට පොත් සල්පිලක් තියේවි 

There won't be a book fair tomorrow. - හෙට පොත් සල්පිලක් නැති වෙයි 

Will there be a book fair tomorrow? - හෙට පොත් සල්පිලක් තියෙයිද ?

Won't there be a book fair tomorrow? - හෙට පොත් සල්පිලක් නැති වෙයිද ?



3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...